
கோவிட் தடுப்புக்கான தேசிய செயல்பாட்டு மையம் - 19 வெளியீடு
NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID - 19
සිනෝ ලංකා ටවර්, අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය
නිවේදන අංක 134 :2020
නිකුත් කරන ලද වේලාව : 0530
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දාහතර දෙනෙකු (14) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් දාහතර දෙනා (14) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. (මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු (05) - කොග්ගල ලෝන් බීච් නිරෝධායන මධ්‍යස්ථානය, සෞදි සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) - තිස්ස ඉකෝ සර්ෆ් සහ තංගල්ල සූරිය රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානය සහ ඩුබායි සිට පැමිණි පුද්ගලයින් හත් දෙනෙකු (07) - පූනානි, නුවරවැව අරලිය හොටෙල් සහ නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානය ලෙස වාර්තා වේ.)
පුනරුත්ථාපනය වන රැඳවියන් - 528
කාර්ය මණ්ඩලය - 67
ආරාධිත කාර්ය මණ්ඩලය - 05
පවුල් හා සමීපතමයින් - 48
වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් - 19 වෛරසය - 01
ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින්
එකතුව - 649
අද (12) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් හතර දෙනෙකු (04) සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් දේහා කටාර් සිට පුද්ගලයින් පනස් හතර දෙනෙකු (54) මෙරටට පැමිණ ඇති අතර අද (12) දින මධ්‍යහනේ EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට එක් පුද්ගලයෙකු (01) මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිඇත.
අද (12) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අනූ පස් දෙනෙකු (95) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01), දියතලාව 1 වන ගැමුණු හේවා බළකා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් තිස් එක් දෙනෙකු (31), දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් විසි නව (29), හේකිත්ත ලාදුරු රෝහල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01), පැල්වෙහෙර විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දහ අට දෙනෙකු (18), ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් එක් පුද්ගලයෙකු (01) වශයෙන් වේ.
එසේම, අද (12) දිනය වනවිට පුද්ගලයින් 40,401 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.
එසේම, අද (12) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 57 ක් තුළ පුද්ගලයින් 6,021 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (11) දිනය තුලදී PCR පරික්‍ෂණ 1890 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 249,328 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (12) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දාහතර දෙනෙකු (14) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් දාහතර දෙනා (14) අතරින් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා (02) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ලෙස වාර්ථා වේි.
එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 638 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු වේ.