
පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද
තොරතුරක් මත 2020.09.11 වන දින සවස 6.50 ට පමණ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව නගරයේ පිහිටි ලැගුම් හලකදී රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වූ වලමුල්ල, දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු හා අත්අඩංගුවට ගත් ගිනි අවි වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත