
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුගේ මෙහෙය වීම මත මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි කාන්තාවක හා තරුණයෙකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක
අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේදී 10දා උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෙරොයින් ජාලය පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරින් වැඩිදුර ප්‍රශ්න කරන බව වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ඇතුලත්මුදලි සහ සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කොළඹ මිහිඳු මාවතේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති..