ඕනෑම හැඟීමක් අපූරු විදියට මවන්න සමත් නිළියක් තමායි මේ ඉන්නේ.
ගෙදරට ඔයා කැමතිම කෙනෙක් එනවා කියලා හිතන්නකො එයා දැක්කම අක්ක සතුටු හැඟීම් කටින් ගන්නේ කොහොමද ? අනේ දෙයියනේ ඔයා? ෂෝක් අනේ, අද මං ගෙදර ඉන්න දවස ඒ උනාට මේ දවස් වල ගෙවල් වලට එන්න හොඳ නෑ නේද බං?

පල නොකියා පළා බෙදනවා නෙද   අක්කේ?

නලු නිළියක් හම්බුනාම පණ දෙන්න කතා කරලා නැති උනාම පලුයන්න බනින්නෙ එහෙම දෙන්නෙක් හම්බුනා කියලා හිතන්නකෝ එතකොට කොහොමද කතා කරන්නේ?අනේ කාලෙකට පස්සේ අපි දෙන්නා හම්බ උනේ නේද අනේ අක්කේ මේ දවස් වල කොහෙද ගියේ? පේන්නෙම හිටියේ නෑනේ  රට show එකක්ද ආ එතකොට කොහොමද සෙට් උනේ මටත් මේ එකක් ආවා ඒක මිස් උනා අනේ ෂෝක් අද නම් මං ආසයි.
 මදිද?
 හොඳටෝම ඇති.
 ඔයා දන්නවද ඒ වෙලාවට ඒකත් රඟපෑම තමයි කියලා?
 දන්නව මං දැං ඔය  කට්ටිය හදන්නේ යන්නේ  නැ  ඉස්සර වගේ.
 හරි අපි දැන් ගෙදරට  එමු. රහල් අයියත් එක්ක ඔයා රන්ඩු උනා කියමුකො ඔයා කොහොමද එයාට තේ එක දෙන්නේ රන්ඩුවෙන් පස්සේ?
 ආහ්  හැමදාම බොන කිරි එක මූණ බල බලා ඉන්න වෙලාවක් නෑ මට වැඩ තියෙනවා. ඔයාගේ සද්දෙ කොහොමද දැන් ටිකකට ඉස්සර ඔයා සද්ද කළ නිසාම  මාත් සද්දෙ කරේ ,මට කියව ඉන්න බෑ තේ   එක බිලා කෝප්පෙ අරන් එන්න.
ඔබගේ ග්ලිසරින් නැතුව  කඳුළු ගන්න  පුළුවන් රංගන ශිල්පිනියක් ප්‍රියයන්ගෙන් වෙන්වීමට කඳුළු ගැනීමේදී මොකක්ද මවා ගන්නේ?
එක දිග කතාවක්
  කියන්න බැරි දෙයක්ද?
 නෑ නෑ ලොකු දෙයක් නෙමෙයි මං හිතන්නේ අපි ජීවිතේ ජීවත් වෙලා ඉන්නවා නේ එතකොට නොමැරී මැරෙන අවස්ථා නැද්ද ඒ වගේ මගේ ජීවිතය අත මිටමොලවලා ගන්න කිහිපයක් තියෙනවා ඉතින් මං ඒව මතක් කර ගන්නවා.
 මං අහල තියෙනවා පුංචි කාලේ අක්කා ගොඩක් දුක් වින්දා කියලා?
 ඔව් මං හුදෙකලා වෙච්ච හැම මොහොතකම මම අතීතෙට යනවා මගේ වැඩිහිටියෝ එක්ක මගේ හිත ඇතුලෙන් තරහකුත් එනවා මගේ උප්පැන්න සහතිකේ නම තියෙනවා හැබැයි ඒ නම් පමණයි ,මං වගේ කෙනෙක් මේ ඉන්න නම් මා වදපු කෙනෙක් ඉන්න එපැයි ඒ බිහි කරපු කෙනා හොයන්න මට පොඩි ආසාවක් එනවා.
ඉතිං හොයන්න හැදුවද?
 හෙව්වා මට හම්බුනේ මගේ උප්පත්තියක් සමගම ඇය ජීවිතයකක්ෂයට පත්වුණා කියලයි. එතනදි තමයි තාත්තා මාව අරගෙන ගිහිල්ල තැන් තැන් වල තියලා හ්දෙව්වේ ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ජීවිතේ හැම දෙයක්ම තියනවා මට.
 සුසිල අක්කගෙන් ඉස්කෝලේ කාලේ ගැන කිවොත් ඒ කාලේ මොන දේවල්ද මතක දුක දේවල් ද  සතුටු දේවල්ද?
ඉස්කෝලෙක යන්නෙ දිව්‍ය ලෝකයක් කාර් එකේ නැගලා බැහැලා තාත්තා මාව ගිහින් දානවා .
අගහිඟකම්වලින්  ගැටළුලුවත් තිබ්බද?
 ඒවායින්නම් කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ .මගේ තාත්තා අවුරුද්දෙන් අවුරුද්දට කාර් මාරු කරනවා. ඒවායේ අපි හැම  සිකුරාදාම කතරගම යනවා. යුනිෆෝම් එක පිටින් ඉස්කෝලේ ගාවට  ඇවිල්ලා මාව දාගෙන යනවා.  ආදරය නම් මන් දන්නෑ මට ලැබෙයි කියල තාත්තා  රක්ෂණ සංස්ථාවේේ වැඩ කරන ගමන් කොළඹට එද්දි මාවත් දාගන්නවා මරදාන තියෙන ලොකුම බුරියානි කඩේ රෝස් කරපු කුකුල් බාගයක් අරන් දෙනවා ,  තව එතකොට තිබ්බේ  ඔර්න්ජ් බර්ලි බෝතලයකුත් අරන් දෙනවා ,දීලා කකා යන ගමන් විස්තර අහනවා සුදු නෝනට මොකද උනේ එදා මොකද උනේ පුතේ?  ඔහොම අහල ඔක්කොම එකතු කරලා දවසකට ගහේ බැඳලා  ගහලා මට නෙමෙයි    කුඩාම්මට.
 කුඩාමට ගහේ බැඳලා ගහනවා?
 ඔව් මට කරන දේවල් වලට තමයි දවසට අල්ලගෙන ගහන්නේ .
තාත්තා ආදරේ නේද අක්කට?
   ආදරේ ආදරෙයි ආදරේ  දෙන්න දෙන්නෙ නෑනේ. කුඩම්මා මට එක දවසක් හරි විදියට ගැහුවා පාරේ ගියා අත්තම්මා බලන්න මං එලියට බහිනකොටම ගමේ  අය හරි ආසයි මාව බලන්න ගොඩක්  ලස්සන කෙනෙකුත් නෙමෙයි වුණාට මගේ මම ලස්සනයි ඉතින් මාත් බස් හෝල්ට් එකට වෙලා හිනා වෙන අයට මං හිනා උනා කුඩම්මා  එකපාරටම  කිව්වා මොකක්ද අමතක උනා කියලා  ගෙදරට යං කියලා ගෙදරට ඇවිල්ල මට හොඳටම ගැහුවා,
මං ඇහුවා ඇයි මට ගහන්න කියලා ගහන්නේ උඹ හිටගෙන ඉන්න වෙලාවේ ඉදලා     කොල්ලො එහාට යනවා මෙහාට යනවා උඹ හොරෙන් බැලුවා මගේ ඇඟේ  පැච් හිටින්න   ගැහුවා පහුවදා ඉස්කෝලෙ යන්නත් බෑනේ පැැල්ලම් හින්දා නමුත් තාත්තා ප්‍රින්සිපල් එක්ක මේ ගැන කතා කරල මාව ඉස්කෝලෙට ගිහින් දැම්මා පසලෙ අය හරි ආදරෙයි .මාතර සුජාතා බාලිකා ව තමයි මගේ පාසල.  දවසක් මට ගහන ගහනකොට මට ඉවසන්නම බැරි තැන මම අත ඉස්සුවා මේ සිද්ධිය වෙනකොට ම තාත්තා ගෙදරට ආවා. තාත්ත දිග මන්නයක්  අරගෙන ඇවිල්ලා එකසැරේ ඉවර කරපන් මං බේරගන්නම් කියලා   මන්නය දුන්නා.ඔයා හිතන්නකො මං වැටිච්ච තැන එතනින් එහා තමයි අපි පාරට වැටුණේ.
එතනින් එහා අක්කා අල්ල ගත්ත තැන මොකක්ද?
 කලාව මගේ ඇඟේ තිබ්බා පාසලේ මං මන්ත්‍රී බිසව කොන්ඩෙ බිමට තිබ්බා netball team එකේ මං නායිකාව .මම පාසලේ පන්තියේ නැහැ ගොඩක් වෙලාවට ඉන්නේ  principle ගෙ කාමරේ  පුළුවන් තරම් ඇට්ටර වැඩකරලා library සුද්ද කරා පොත් පිහ දැම්මා ඕවා තමයි මං කළේ ස්කෝලෙදි අන්තිම bell ඒක  ගහනකොට මං හිතන්නේ මං යනවා නේ අර අපායෙ කියලා.
  සුසිලා කෝට්ටගේගේ නිළිය   අතරින් ඉන්න ගැහැනිය තමයි එළියට ආවේ.

 මුලින් රහල් අයියා වැඩ කලේ බන්ධනාගාරය වැඩමුළුවේ  නේද?
  ඔව් ඔව්
  මට ප්‍රශ්නයක් උනාම මං බෝනික්කා දිහා බලා බලාගෙන ඉන්නවා .මේ ගේ හදන්න පටන් ගන්න කොට මම ලඟ  තිබ්බේ රුපියල් එක්දහස්  පන්සීයයි මාලිගාවක් බවට පත් වෙන තරමට මේක හැදෙනව මුල්ගල තිබ්බ ඉතින්. 2001  පිස්සු ඩබල් සුනිල් ටී සදා  මහත්මයාගේ බන්ඳු  අයියත් එක්ක ගල් කිස්ස රෙල් ගේට්ටුව ගාව අන්තිම ෂොට් එක ගන්නකොට මට කළුවරේ checque එකක් ගෙනත් දෙනවා එකෙන් පස්සෙ තමයි මේ ගේ හදන්න පටන් ගත්තෙ. හදනවා නවත්තනවා  එහෙම තමා මේක හැදුවේ.    සහෝදර කලාකරුවන් ආවම මගේ ගෙදර තමයි ඉන්නේ මේ නිවහන හොඳටම ඇති මට එයාලව නතර කරගන්න.
 මට පැය භාගයක් ඇතුළත ව්‍යංජන පහක් එක්ක  උයන්න පුළුවන් .සුසිලා දේවි තමයි මට කතා කරේ ඉස්කෝලේ කාලේ ඒක මගේ අයිඩින්ටියේ   තියෙනවා .මම හරි ආසයි ඒ නමට.
  රසිකයෝ හින්දා වෙච්ච අකරතැබ්බ නැද්ද?
  මේ ලඟකදි මං එක ප්‍රෝග්‍රෑම් එකට ගිහින් හිටිය ඒකෙදි කෝල් ආවා මාව ඉතින් මුරුංගා අත්තෙ තියලා මාව වර්ණනා කළා,මන් ඒ කොල් එක ඉතින්    ගණන් ගත්තෙ නෑ ඊට පස්සේ මං ගෙදර ආවා . පහුවදා මම බැංකු වැඩකට යන්න ලෑස්ති වෙලා අයියට කෑම ටික   හදනකොට මට කෝල් එකක් ආවා. ඇවිල්ලා ඉතිං මගේ රසිකයො මං ගැන කතා කරන්න.  නරක  විදියට කතා කරන්නේ.  මට හරිගිය නෑ  ඒ ටෝන් එක . පස්සෙ මම කෝල්   එක කට් කරා   නමුත් මට හිතට හරි නෑ මේක ගැන මම එහෙට යනවා මෙහෙට යනවා තරහින් හිටියත් මං ආයෙ ගත්තේ මනසට කෝල් එකක් අරගෙන එයාගේ අම්මගේ ඉඳලා මතක් කළා හොඳට කියලා දුන්නා අයියත් දුවගෙන ආවා කවුද අහන්න අයියා හිතෙන්නේ මං රණ්ඩු  වෙනවා    කියලා. මෙහෙම ආටෝපයට ඉක්මනට අපි දැන් වයසක අය.
 අනාගතයේ ප්ලෑන් කරලා ද තියෙන්නේ ? ඔව්  හරිම වයසට යන්න දෙයක් නෑ දැන් ගිහින් ඉවරනේ කතා කරගෙන ඉන්න දෙන්නත් එක්ක කොරෝනා වලට ඉස්සරවෙලා මං ගමනක් ගිහින් ආවා නිවාසයක් බලන්න හරි වියදම් කරලා ඉන්න බලන්න ලෙඩක් බලාගන්න තැනක නැති වුණදාට ඉන්න තැනක් නෑනේ.ලෙඩක් දුකක් වුනාම බලන්න කෙනෙක් නෑනේ ඔහු  ඒක්ක  ඉන්නවා කියන්නේ  ළමයි දහයක් හදනවට වඩා අමාරු යි .ඔහු නීති ගරුක කෙනෙක්
කොරොනා  ආවේ නැත්නම් අක්කව  හඳුනාගන්නේ බංගර හාමිනේ  විදියට ජැක්සන් ඇන්තනී මහතාගෙ එක ගේ සොකරි නාට්‍යයේ ?
මට සම්මානයක්  හම්බුනා වගේ ඒ චරිතෙ  ඒකෙ මම බංගරහාමි.

සාකච්ඡාව - හරින්ද්‍ර ජයලාල්