පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ළමයාගේ දෙමවුපියන්ගේ නමට ඔප්පුව පැවතිය යුතු බවට සඳහන් වීම වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය
ආයතන ප්‍රධානීන් සමග අද දින පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවයි.

මෙම සාකච්ඡාවට එක් වූ මාධ්‍ය නියෝජිතයන් සඳහන් කළේ, ඔප්පුව අනිවාර්ය වීම හේතුවෙන් දෙමවුපියන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.මෙම සාකච්ඡාවට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,   "චක්‍රලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමු වුණා. ඡන්ද හිමි නාමලේඛනයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා" යනුවෙනි.