ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමාවේ පිහිටි Nagorno-Karabakh region පළාත මූලික කරගනිමින් දෙරට හමුදා අතර ඇතිව තිබෙන ගැටුම්කාරි තත්වය මේ වනවිට වඩාත් දරුණු අතට හැරි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එහිදී අසර්බයිජාන යුද හමුදාව වෙත සහාය දක්වමින් තුර්කි ගුවන් හමුදාව විසින්
ආමේනියානු යුද ටැංකි කිහිපයක් වෙත සිය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමග  මෙම තත්ත්වය උද්ගතවී තිබේ. ඊයේ දිනයේදී අසර්බයිජාන ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කළ වීඩියෝවක් තුළ මෙම ප්‍රහාර එල්ල වන ආකාරය සටහත්ව තිබේ. එහිදී ආමේනියාවට අයත් සෝවියට් සමුහාණ්ඩු යුගයට අයත් T72 වර්ගයේ යුද ටැංකියකට මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවත්, එහි සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද සමගින් එය පුපුරා යන ආකාරයත් එහි දැක්වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම යුද්ධය වෙනුවෙන් තුර්කියේ මැදිහත්වීම මෙම කලාපයේ ක්‍රියාත්මක ආර්මේනියානු බෙදුම්වාදීන්ට එරෙහිව සිදුකරන සටනේ තවත් එක් අවස්ථාවක් බවට පත්ව තිබේ. ගැටුමට හේතු වී ඇති Nagorno-Karabakh region නම් පළාතේ නීත්‍යනුකූල අයිතිය අසර්බයිජානයට හිමිව තිබුණත් වාර්ගික ආර්මේනියානුවන්  එහි පදිංචිව සිටියි. ඒ අනුව මෙහිදී තුර්කිය එහි සිටින "අසර්බයිජාන සහෝදරයන්" නම් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වෙත සහාය දක්වන අතර 1990 දශකයේදීද  මෙම පළාත සම්බන්ධයෙන් මෙවැනිම් ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබේ.  වාර්තාවලට අනුව දින තුනක් පුරා පවතින මෙම ගැටුම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයෝ 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පවතින මෙම තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද වේලාවෙන් ඊයේ පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයද තීරණය කර තිබුණි. මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවී පැවැත්වීමද විශේෂත්වයක් විය.