එකම පාසලක පෙම්වතුන් බවට පත්වූ ගුරු යුවළක් විවාහය ආසන්නයේ තම පාසලේ පසුබිම සහිතව පූර්ව විවාහ ඡායාරූප කිහිපයක් ලබාගැනීමට උත්සාහ දැරීමේ සිද්ධියක් ගැන පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවිය.
ප්‍රී ෂූට් කතාව මාධ්‍යවල පළටීමෙන් පසු එම සිද්ධියේ තොරතුරු මාධ්‍යයට ලබා දුන්නේ යැයි දුරකතන ඇමතුමක් දෙමින් තමන්ට මරණ තර්ජනයක් සිදුකළේ යැයි පුද්ගලයකු පැමිණිලිකර ඇතැයි හක්මන පොලිසිය පවසයි.

පැමිණිලිකරු විසින් ප්‍රී ෂූටි සිද්ධියට අදාළ ඡායාරුප සංස්කරණය කර ඇති බවට චෝදනා කරමින් එම සිද්ධිය සම්බන්ධ තොරතුරු මාධ්‍ය ආයතනයකට ලබාදීම සිදුකර ඇති බවට බැණවැදී ඉකුත් විසිපස් වන දින රාත්‍රී මරණ තර්ජන එල්ල කළ බවට පැමිණිලිකරු සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

දුරකතන ඇමතුම ලබාදෙන ලද අංකයට ඇමතීමෙන් ප්‍රතිචාර නොදක්වන අතර අධිකරණයට කරුණු වාර්තා කර දුරකතන විශේෂණ වාරිතාවක් ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි. හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

- යසන්ත ආරියසේන -

සිද්ධියට අදාළ මුල් වාර්තාව මෙතැනින්