යේ (26) ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ෆ්‍රීහෝල්ඩ්හි විශේෂිත ස්ථානයකදී පවත්වන්නට යෙදුණ සිනමා නිළි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණ දෙපළගේ කණිටු දියණිය කවීෂා කාවින්දිගේ මංගල උත්සවයේ වීඩියෝ හා ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. කවීෂා අතගත්තේ
ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමගිනි.

ඇමරිකාවේ වෙසෙන ලාංකික හිතවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සිංහල සංස්කෘතික චාරිත්‍රානුකූලව උත්කර්ෂවත් ලෙස පැවැත්වූ බව තොරතුරු හා ඡායාරූප යොමු කළ ඇමරිකාවේ නිව්යොර්ක්හි වාසය කරන ජනක පිටිගල මහතා අපවෙත දන්වා සිටියේය.










කවීෂා - ෂෙහාන් මංගල උත්සව වීඩියෝව පහතින්

මංගල සාදය අතරතුර කවීෂා - ෂෙහාන් නැටුම වීඩියෝව පහතින්

මංගල සාද නැටුම් වීඩියෝව පහතින්