හනුවර බූවැලිකඩ පස් මහල්  ගොඩනැගිල්ල  ගිලා බැසීමෙන්  ඊට යාබද නිවස කඩා වැටී සුන්බුන් අතර සිරවී  මියගිය  බිලිදාගේ
මව හා පියාගේ  මළ  සිරුරුද අද සවස හමු වී ඇතැයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අචලා ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන දෙදනාගේ සිරුර සුන්බුන් අතර

තිබියදී  මෙසේ සොයා ගැනිණි.
මියගොස් ඇති අචලා ඒකනායක නැමැති අය නීතිඥවරියක් වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇත.
මියගොස් සිටින ඇයගේ සැමියා එම ස්ථානය හෝටලයක් පවත්වාගෙන යමින් එම ස්ථානය ම පදිංචිව සිට තිබේ.
සුන් බුන් අතර සිර වී සිටි  මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි.  මේ වන විට  සිරුරු මහනුවර  රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.