
නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පෙරේදා (7) පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි. මෙය අයි.එස්.අයි.එස්. බැනරය නාමිකව යොදාගෙන, සහරාත් හා ඔහුගේ ජාතික තවුහිදී ජමාත් සංවිධානය උගසට ගනිමින් ඔවුන් ලවා වෙනත් බලවේගයක් විසින් සිදුකරන ලද ප්‍රහාරයක් බව ද ඔහු පැවැසීය. කවුරුන් විසින් සිදුකරනු ලැබුව ද ප්‍රහාරකයන්ගේ අවශ්‍යතාව වී තිබුණේ මේ රටට හානි කිරීම බව ද මෙවැනි සිදුවීමක් යළි වීමට ඉඩ නොතැබිය යුතු බව ද කීය.
සහරාන්ලා පිටුපස සිටි බලවේගය කුමක්දැයි තමන්ට පැවසිය හැකි නමුත් එය මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කළ නොහැකි බව ද හකීම් මහතා පැවැසීය. ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට 2015 මහ මැතිවරණයේදී කිසිදු සම්බන්ධතාවක් නොවූ බව ද බොහෝ දෙනා තමන් හා සහරාන්ලා අතර සම්බන්ධතාවක් ඇතැයි විවිධ කතා ගොඩනගා ඇති බව ද ඔහු කීවේය. කාත්තන්කුඩිවල 2015 දී ඇති වූ ගැටුමකදී තුවාල ලබා සිටි සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් බැලීමට රෝහලට ගියේ ඇයි දැයි කොමිසම යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හකීම් මහතා සඳහන් කළේ පහරකෑමට ලක් වූ පිරිස බැලීමට තමන් කාතන්කුඩි රෝහලට ගිය අතර රිල්වාන් ද ඒ අතර එක් පුද්ගලයකු පමණක් බවය. ඔහු කවුදැයි තමන් පෞද්ගලිකව නොදන්නා බව ද දේශපාලන නායකයකු ලෙස තමන්ගේ යුතුකමක් වගකීමක් ඉටුකිරීම පමණක් මෙහිදී සිදුකළ බව ද ඔහු පැවැසීය.
එදින ප්‍රහාරයට ලක්වූ තවුහිද් ජමාත් පල්ලියට ද තමන් ගිය බව ද එය මඩුවක් වැනි ස්ථානයක් වන අතර සහරාන් ද එහි සිටි බව ද ඔහු පැවැසිය. ඒ සාලයේ සහරාන්ලා ජාතික තවුහිදී ජමාත් සංවිධානය ලෙස සංවිධානයක් හදාගෙන සිටි බවක්වත් තමන් දන්නේ නැති බව ද හකීම් මහතා කීය. දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් නැගෙනහිරට වෙනම පරිපාලනය දිස්ත්‍රික්කයක් ලබාදෙන ලෙස තම පක්ෂය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු පැවසීය. මෙසේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අම්පාර පත්කරන ලෙස යෝජනා කළ බව ද ඔහු පැවසීය. එය එම ප්‍රදේශයේ ජනතාවගේ සාධාරණ ඉල්ලීමක් බව ද එය රටේ සමගිය හෝ ජාතික සංහිඳියාවට බාධාවක් නොවන බව තමන්ගේ විශ්වාසය බව ද හකීම් මහතා කීවේය.
-මුදිතා දයානන්ද-