11.05 am update
 අද (10) දින උදෑසන 8 ට පමණ බත්තරමුල්ල දියත උයන පොල්දූව පාලම අසල දියවන්නා ඔයේ පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබෙන බවට ලද තොරතුරක් මත වැලිකඩ පොලිසිය විමර්ශන ආරම්භ කරන ලදි.

අනතුරුව මෘත ශරීරය ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 74 ක් වූ නො 163, විජයානන්ද ධර්මායතන පාර, සිංහපුර, හෝකන්දර ලිපිනයේ පදිංචිකරුවෙකු බව පොලිසිය අනාවරණය කරගන්නා ලදි.

මියගිය තැනැත්තා මීට දින 3 කට පෙර 7 වනදා නිවසේ සිට ඥාතීන්ට නොදන්වා පිටව ගොස් ඇති බවට මියගිය අයගේ පුතා විසින් එදිනම තලංගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර තිබී ඇති අතර ඒ ඔස්සේ අද හමුවූ සිරුර ඔහුගේ බවට හඳනාගන්නා ලදි.
 මෘත ශරීරය සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

--------------
9am update
බත්තරමුල්ල දියත උයන ආසන්නයේ පිහිටි පාලම යටින් නාඳුනන මළසිරුරක් හමුවූ බව පොලිසිය වාර්තා
කර තිබේ.
අද (10) උදෑසන මෙම සිරුර හමුව ඇති අතර පාලම ආසන්නයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙම සිරුර දැකගන්නට ලැබීමෙන් පසු පොලිසියට දන්වා ඒ ගැන පරීක්ෂා කර ඇති බව වාර්තාවේ.
මියගිය තැනැත්තා ගැන කිසිදු තොරතුරක් හමුවී නැත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.