වසර ගණනාවක් තිස්සේ සිය රංගන කුසලතාවන්ගෙන් ප්‍රෙක්ෂකයන් විශ්මයට පත් කළ දීපිකා පදුකෝන් මේ වන විට ඉතා ආකර්ෂණීය ආයෝජන වැඩපිළිවෙළක් වෙත තම අවධානය යොමු කර තිබේ. දීපිකාගේ මෙම ආයෝජන කටයුතු ඇය සිදු කරනු ලබන්නේ ඇගේ පවුලේ සමාගමක් වන 'කේඒ එන්ටර්ප්‍රයිසස්, එල්එල්සී' ('KA Enterprises, LLC',) හරහාය.


ඇගේ පියා වන ප්‍රකාශ් පදුකෝන් සමඟ සම අධ්‍යක්ෂවරියක් ලෙස ඇය එම ආයතයේ කටයුතු  සඳහා සම්බන්ධ වේ. ඔවුන්ගේ මෙම සමාගම වෙනත් සමාගමක කොටස් මිලදී ගන්නා විට, ඔවුන් ලාභයෙන් කොටසක් පමණක් නොව මූල්‍ය උපාය මාර්ග සංවර්ධනයට ද සම්බන්ධ වේ. එමෙන්ම මෙම වෙළඳ නාම සඳහා සන්නාම තානාපතිවරුන් පත් කිරීම මගින් දීපිකා සිය ජනප්‍රියත්වය තව තවත් දිනා ගනී. ඇයගේ සමහර ආයෝජන අතර ඩ්‍රම් ෆුඩ්ස් (Drum Foods) , බෙලාට්‍රික්ස් ඒරොස්පේස් (Bellatrix Aerospace),ෆර්ලෙන්කෝ (Furlenco),සහ පර්පල් (Purplle)වැනි ජනප්‍රිය වෙළඳ නාමද ඇතුළත් වේ.

කෙසේවෙතත් සුඛෝපභෝගී අංශයේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා දීපිකා මෙසේ සම්බන්ධ වී ඇත. මේ හරහා ඇයට සාමාන්‍ය ජනතාව සමඟ තවත් සමීප වීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරයි.
රිෂ්මි ඉෂාරා