බුදුන් වහන්සේගේ සිරස මුද්‍රණය කර ඇති සාරියකින් සැරසී නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණ සිටි කාන්තාවක් පෙරේදා (9) අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි. සැකකාරිය මෙම බුදුරුව සහිත සාරියෙන් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි
පෞද්ගලික රෝහලකට රෝගියකු බැලීම සඳහා මෙසේ පැමිණ සිටියදී
ඒ පිළිබඳව පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව මන්නාරම ප්‍රදේශයේ පදිංචි (65) හැවිරිදි තැනැත්තියකි. ඇය මෙම සාරියෙන් සැරසී රෝහලට පැමිණ සිටියදී රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා නාරාහේන්පිට පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය පෑමිණ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාන්තාව මන්නාරම ප්‍රදේශයේ වෛද්‍යවරයකුගේ නිවසේ මෙහෙකාරියක වශයෙන් සේවය කර ඇති අතර එම වෛද්‍යවරයා රෝගාතුර වී නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පෙරේදා ඇතුළත් කරන අවස්ථාවේ ඇය ද කොළඹට පැමිණ ඇති බවට ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය හෙළිකරගෙන තිබේ.
වෛද්‍යවරයාගේ දියණියගේ වැල්ලවත්ත නිවසේ සිට මෙම කාන්තාව පෙරේදා වෛද්‍යවරයා බැලීමට රෝහලට ගිය අවස්ථාවේ ඇය පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැල්ලවත්තේ පදිංචි වෛද්‍යවරයාගේ දියණියට පණිවිඩයක් යවා ඇය ලවා සැකකාරියට වෙනත් සාරියක් ගෙන්වාගෙන බුදු රුව සහිත සාරිය පොලිස් බාරයට ගෙන තිබේ. බුදු රුව සහිත ඇඳුම් ඇඳීම තහනම් බව තමා නොදන්නා බව ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය. නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
-ඉන්දිකා රාමනායක-