හොලිවුඩ් තාරුකාව කිම් කාර්ඩාෂියන් වෙස්ට් සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් රාශියක් "වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු" පැතිරවීමට විරෝධය දැක්වීම සඳහා තම ෆෙස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම්  වටස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම් අද 16 වනදා අක්‍රීය කරගෙන ඉවත්වන බව
ප්‍රකාශ කර තිබේ.
ෆෙස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු ප්‍රධාන සමාජ ජාලාවලින් මෙම ප්‍රසිද්ධ තාරකා දිනකට හෝ ඉවත්වීම එම ජාලා වල ආදායමට බලපාන කරුණක් වේ.
“සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති වැරදි තොරතුරු බරපතල ලෙස ජීවිත වලට බලපායි” යනුවෙන් කර්ඩාෂියන් වෙස්ට් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.
මෙම පියවර සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සංවිධානය කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ කොටසකි.
කීර්තිමත් පුද්ගලයින් බදාදා පැය 24 ක් ඔවුන්ගේ ගිණුම් අක්‍රීය කරනු ඇත.
"වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු පැතිරවීමට මෙම සමාජ ජාල වේදිකා දිගින් දිගටම ඉඩ දෙන බැවින් අපට නිහඩව සිටිය නොහැකිය. අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට එය බාධාවකි." ඇය කියා තිබේ.
වර්ජනය සඳහා සහභාගී වීමට එකඟ වූ අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින් අතර නළු ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, සාචා බාරොන් කොහෙන් සහ ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම ගායිකා කැතී පෙරී ද වේ.

ජුනි මාසයේදී දියත් කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ සංවිධායකයින්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෛරී කතා සහ වැරදි තොරතුරු නැවැත්වීමට ප්‍රමාණවත් වැඩ කර නැති බවට චෝදනා කර තිබේ.
ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය පසුගිය වසරේදී ඩොලර් බිලියන 70 ක වෙළඳ දැන්වීම් ආදායමක් ලබා ඇති අතර එම ආදායම පසුපස සමාජයට අහිතකර දේ පැතිරීමට ඉඩහැරීම සිදු කර ඇති බවත් එය නියම ආදායම් විදිහක් නොවන බවත් මෙම සංවිධායකයින්ගේ තර්කයයි.
කෙසේ වෙතත් ජුනි මාසයේදී ෆේස්බුක් කියා සිටියේ හානිකර හෝ නොමඟ යවන සුළු පෝස්ට්  ප්‍රවෘත්ති වටිනාකම සලකා සත්‍යඅසත්‍යතාව සඳහා ලේබල් කරන බවයි.