ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ සඳහා
වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට අද (16) ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.


මෙරට ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 16 ලෙස දැනට පවතී. එම වයස සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා තිබිණි. මේ අතර තරුණයන් ලෙස සැලකෙන වයස සීමාව අවුරුදු 18ත් 22ත් අතර ලෙස සංශෝධනය කෙරෙනු ඇතැයි වාර්තා වේ. දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16ත් 22ත් අතර වයස් සීමාව සැලකේ.