කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය හෙට (14) සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.



මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.