මෙවර මහමැතිවරණය සඳහා විද්වත් නියෝජනයක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණ සමයේ පිහිටුවන ලද වියත්මග සංවිධානයෙන් අපේක්ෂකයින් 11 දෙනෙකු නම් කරනු ලැබීය.
එයින් 09 දෙනෙකු පමණක් මහමැතිවරණ තරගයට ඉදිරිපත්වූ අතර 2 නෙකු
ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.

ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කළ දෙන්නා වන හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වෛද්‍ය සීතා අරඹෙපොළ දැනටමත් මන්ත්‍රී ධූර සඳහා නම් කර ඇත.
මහමැතිවරණයේ මනාප තරගයට එක්වූ 09 දෙනාගෙන් එක් අයෙකු පමණක් පරාජයට පත්වූ අතර 08 දෙනෙකුම ජයග්‍රහණය කර තිබුණි.

එම 08 දෙනා වන්නේ

  • ආචාර්ය සරත් වීරසේකර (කොළඹ - 328,092)
  • මහාචාර්ය ගුණපාල රත්නසේකර (කුරුණැගල -141,991)
  • ආචාර්ය නාලක ගොඩහේවා (ගම්පහ - 325,479)
  • වෛද්‍ය චන්න ජයසුමන(අනුරාධපුරය - 133,980)
  • ඉංජිනේරු නාලක කෝට්ටගොඩ(මාතලේ - 71,404)
  • වෛද්‍ය තිලක් රාජපක්ෂ (දිගාමඩුල්ල - 54,203)
  • නීතීඥ උදයන චාමින්ද කිරිඳිගොඩ (මහනුවර - 39,904)
  • වෛද්‍ය උපුල් ගලප්පත්ති (හම්බන්තොට -63,369) 
යන අයයි.

පරාජයට පත්වූයේ
  • වරලත් ගණකාධිකාරී අනුර ප්‍රනාන්දු (කොළඹ දිස්ත්‍රික්කය)