බන 28 වනදා විවාහ වීමට සූදානමින් සිටින ටෙලි නාට්‍ය නිළි විනු සිරිවර්ධන සිය මනමාල පෙම්වතා ගැන කළ හෙළිදරව්වකින් කියැවෙන්නේ ඔහු ප්‍රකට කථිකාචාර්යවරයෙකු බවයි.
ඔහු ගැන ඇය කළ විස්තරය
ඇතුළත් සම්මුඛ සාකච්ඡාව පහතින්



විනු මේ දවස්වල ජීවිතේ සුවිශේෂම දවස වෙනුවෙන් කාර්යබහුලයි නේද?

ඔව්. මම මේ වෙනකල් මගේ විවාහය ගැන ලොකුවට කතා කළේ නැහැ. හැබැයි දැන් මගේ ජීවිතේ ඒ
සුවිශේෂම දිනය ළඟයි. මේ මාසේ අන්තිම සතියේ තමයි මගේ විවාහ දිනය යෙදිලා තියෙන්නේ. ඉතිං ඒ
වෙනුවෙන් තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.

විනුගේ විවාහය කල් දානවා කිය කියා හිටියා නේද?

රටේ සහ ලෝකයේ පැවතුණු තත්ත්වය එක්ක විවාහ දිනය කල් දාන්න හිටියේ. නමුත් ඊට පස්සේ අපි කල්පනා
කළා අපිට ඉදිරියට එන තත්ත්වයන් ගැන ස්ථීර බවක් තියාගන්න බැරි නිසා දැන් පවතින තත්ත්වය එක්ක
යොදාගත් දිනයේ විවාහය සිදුකරන්න. ඒ නිසා විවාහය කල් දැම්මේ නෑ. ලැබුණු නැකැත්වලට මේ මාසේ
අග විවාහය සිද්ධ වෙනවා.

විනුගේ ජීවිතයට එකතු වෙන කෙනා කවුද කියලා දැන්වත් කියමුද?

එයාගේ නම නම් දැන්ම නොකියා ඉන්නම්. එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා
කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ
මාධ්‍යයේ දාලා නැහැ. විවාහ වෙනවා කියන දේ දන්වන්න මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේ
මුහුණ නොපෙනෙන ඡායාරූපයක්. එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා
හඳුනාගෙන තිබුණා.

පෙම්වතාත් ජනප්‍රියත්වයට කැමැති නැද්ද?

එයා ජනප්‍රියත්වයට වැඩිය ආස කරන කෙනෙක් නෙමෙයි. මගේ ජනප්‍රියත්වයට එයාගේ අකැමැත්තක්
නැහැ. එයාගේ පවුලේ එයයි, අම්මයි, තාත්තයි, අක්කයි ඉන්නේ.  එයාලාගේ පවුලේ අය මාව රංගන
ශිල්පිනියක් ලෙස දැනගෙන හිටියා. ඉතිං එයා ජනප්‍රියත්වයට කැමැති නැති වුණාට එයාගේ ක්ෂේත්‍රය
ඇතුළේ එයා ජනප්‍රියයි.

ඔය ආදර කතාව විවාහ යෝජනාවකින් පටන් ගත්ත ආදර කතාවක් නේද?

ඔව්. විවාහ යෝජනාවකින් තමයි අපේ ආදර කතාව පටන් ගත්තේ. වෙන ආදර කතාවලට වඩා වෙනස් ආදර
කතාවක් වුණත් අපේ ආදරේ ශක්තිමත් කියලා දැනුණු නිසා අපි විවාහ වෙන්න සූදානම් වුණා.

කවුද ඒ යෝජනාව විනුට අරගෙන ආවේ?

එයයි මමයි හොඳටම දන්න යාළුවෙක් තමයි එයා ගැන යෝජනාව මට ගෙනාවේ. ඉතිං යාළුවෙක් තමයි
අපේ ආදර කතාව හැදුවේ.

විනුට ජීවිතේ ඕනෑ තරම් තරුණයෝ මුණගැහිලා ඇති. මොහු ගාවම හිත නතර වෙන්නත් ඔහුගේ සුවිශේෂතා
දකින්න ඇති නේද?

සාමාන්‍යයෙන් බොහෝ අය තමන්ට තියෙන දෙයට වඩා පෙන්වන්න උත්සාහ කරනවානේ. හැබැයි මගේ
පෙම්වතාගේ එහෙම කිසිම රඟපෑමක් නැහැ. එයා සුරංගනා ලෝකයක ජීවත්වන කෙනෙක් නෙමෙයි. තියෙන
දේවල්වලටත් වඩා අඩුවෙන් දේවල් පෙන්වන, සරල, කිසිම ආඩම්බරයක් නැති කෙනෙක්. බොරු ෂෝ එක
දාගෙන ඉන්නේ නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක් නිසා තමයි මම එයාට කැමැති වුණේ.

විනු හිතනවද හොඳම තේරීම ඔබ කළේ කියලා?

අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් අපිට දෙයක් නැති වුණාමනේ ඒකේ අගය වැඩිය දැනෙන්නේ. මට නම්
නැතිවුණු කිසිම කෙනෙක් ගැන දුකක් නැහැ. දැන් මට ලැබිලා ඉන්න කෙනා ගැන මම ගොඩක් සතුටු
වෙනවා. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් බොහෝ අය මගේ පෙම්වතා කවුද? විවාහය කවද්ද සිද්ධ
වෙන්නේ කියලා ඇහුවා. ඉතින් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක් රංගනය වෙනුවෙන් සම්පූර්ණයෙන් කාලය
කැප කළා. විවාහ වෙන්න හදිස්සියක් තිබ්බේ නෑ. සුදුසු කෙනා ලැබුණාම විවාහ වෙන්න තීරණය කළා.

විවාහයට සුදුසු කාලෙත් මේ කියලා හිතුවද?

ඔව්. සුදුසු කාලේ නිසා වැඩිය කල් යවන්නේ නැතිව විවාහ වෙන්න හිතුවා.

විවාහ දිනය කියන්නේ තරුණියන්ගේ හීනයක්. ඒ දිනය හීන දැක්ක විදිහට සැලසුම් කළාද?

මගේ විවාහ දිනය ලස්සනට තියෙන්න ඕනේ කියලා අදහසක් මට තිබ්බා. මට හැමදේටම මගේ පෙම්වතා
සහාය දෙනවා. මගේ හිතේ හැටියට එය සැලසුම් කරන්න ඔහු උදවු කරනවා. තිබෙන තත්ත්වය එක්ක
පවුලේ අය සහ කලා ක්ෂේත්‍රයේ ළඟම පොඩි පිරිසකට විතරයි ආරාධනා කරන්න ලැබෙන්නේ. විවාහයට
අස්සන් කිරීම, පෝරුවේ චාරිත්‍ර සියල්ල වෙන්නේ එදාට. විවාහ දිනය ලස්සනට කරන්න කණ්ඩායමක් මට
උදවු කරනවා. ඉතිං ඒ ලස්සන දවස එනකල් මඟ බලාගෙන ඉන්නේ.

විනුගේ විවාහය දවසේ දෙවැනි මනාලියන් මනාලයන් වෙන්නේ කවුද?

මගේ නංගි, සෙනාලි, රෂිප්‍රභා සහ රිතූ තමයි දෙවැනි මනාලියන් වෙන්නේ. දෙවැනි මනාලයන්
පෙම්වතාගේ යාළුවෝ. කලා ක්ෂේත්‍රයේ කවුරුවත් නැහැ.

විනුගේ රංගන ජීවිතයට පෙම්වතාගෙන් බලපෑමක් නැද්ද?

එයා මට කිසිම දෙයකට බලපෑම් කරන්නේ නැහැ. එයා මට සියලු දෙයට අවසර දීලා තියෙන්නේ. ආදරේ
කරද්දිවත් එයා මට කිසිම දේකට බලපෑම් කළේ නැහැ. එයා මට කියන්නේ ගොඩක් මහන්සි වෙලා දුක්
විඳගෙන රංගන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. කැමැති දෙයක් තියෙනවා නම් තෝරාගෙන කරන්න කියලා.

ඒ කියන්නේ ඔහු ඔබට වාරණ පනවන්නේ නෑ වගේ?

වාරණ දාපු අයත් මට හම්බ වෙලා තියෙනවා. නමුත් මොහු එහෙම නැහැ. සමහරු මුල් කාලේ හොඳට
ඉඳලා විවාහ වෙන්න කිට්ටු වෙද්දී වාරණ දානවා වැඩියි. නමුත් මගේ ජීවිතයට මේ ලැබිලා ඉන්න කෙනා
එහෙම නැහැ. ඔහු මුලින් හම්බුණ කෙනාමයි. කිසිම වෙනසක් දැනිලා නැහැ. මාව කවදාවත් ඔහු
හිරකරන්නේ නැහැ.

විනුත් එහෙම හිරවෙන්න කැමැති නැතුව ඇති?

ඔව්, මම හිරවෙලා ඉන්න අකැමැතියි. මම කෙනෙක්ට ආදරය ලබා දෙද්දී මම අනෙක් කෙනාගෙනුත් ඊට
වඩා ආදරයක් බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව හිරවෙලා ජීවත් වෙන්න නම් මම කැමැති නැහැ.


ඔහු වාරණ බැමි බඳින කෙනෙක් නොවන නිසා ඔබ විවාහයෙන් පස්සේ රංගනයට සමුදෙන එකක් නෑ නේද?

රංගනයට සමුදෙන්නේ නැහැ. හැබැයි තනිකඩ ජීවිතයට වඩා විවාහ ජීවිතය කියන්නේ වගකීම් වැඩි
ජීවිතයක්. ඒ නිසා පවුල් ජීවිතයටත් හානියක් නොවෙන්න රංගන කටයුතු තෝරාගෙන කරනවා.

අලුත් නිර්මාණ භාරගෙන තිබෙනවාද?

අගෝස්තු මාසේ අන්තිම සති දෙක මම විවාහයේ කටයුතු වෙනුවෙන් වෙන් කරගත්තා. අලුත් නාට්‍ය
කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ අතරින් එක නාට්‍යයක් භාරගන්න තීරණය කළා. කරපු ටෙලි නාට්‍යයක්
විකාශය වෙන්න තියෙනවා. ඒ නිර්මාණ කොයි වෙලේ විකාශය ආරම්භ කරයිද දන්නේ නැති නිසා නිර්මාණ
ගොඩක් භාරගන්නත් බෑ.

මම ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතුවලට එකතුවුණු නිසා දැන් සතියකට දවසක් නිවේදනයෙනුත්
ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. නිවේදනයටත් මම ගොඩක් ආසයි. ඉතිං ඒ දේවලුත් කරගෙන යනවා.


තිළිණි කෞශල්‍යා විජේසිංහ