ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලී ලද ජැමෙයිකානු ජාතික උසේන් බොල්ට් කොරෝනා වෛරසය සඳහා ධනාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සිකුරාදා ජැමෙයිකාවේදී බෝල්ට්ගේ  34 වන උපන්දිනය වෙනුවෙන් සාදයක් පැවති අතර

එහිදී පිටතින් පැමිනි අමුත්තන්ගෙන් ඔහුට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.

බෝල්ට්ගේ පෙම්වතිය වන කාසි බෙනට් පුදුම කරවන උපන්දින සාදයක් ලෙස සංවිධානය කරන ලද මෙම උත්සවයට  ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්, රෙගේ ගායක ක්‍රිස්ටෝපර් මාටින් , එංගලන්ත මැන්චෙස්ටර් සමාජ ක්‍රීඩා තරුවක් වන රහීම් ස්ටර්ලිං  සහ බේයර් ලිවර්කුසන් ප්‍රහාරක ලියොන් බේලි  සහභාගී වූ බව විශ්වාස කෙරේ.
ඉන්ස්ටග්‍රෑම් සටහනක බෝල්ට් සහ ඔහුගේ දියණිය ඔලිම්පියාගේ රූපයක් ඇතුළත් අපූරු සටහනක 'මෙතෙක් පැවති හොඳම උපන් දිනය' ලෙස වර්ණනා සටහනක්ද පළ කර තිබුණි.
ජැමෙයිකාවේ ගුවන්විදුලි මධ්‍යස්ථානයක් වන නේෂන් වයිඩ් 90 එෆ්එම් හුසේන් බෝල්ට්ට කොරෝනා වැළඳී ඇති බවත්, ස්වයං හුදකලාව ගත කරන බවත් තහවුරු කර ඇත.
34 හැවිරිදි ක්‍රීඩකයා වෛරසය සඳහා ඉරිදා සිදු කළ පරීක්ෂණය අනුව ධනාත්මක බව පෙන්නුම් කර ඇත.
බෝල්ට් වාසය කරන කැරිබියානු දූපතේ කොරොන වයිරස් රෝගීන් 1,413 ක් සහ  මරණ 16 ක් වාර්තා වී තිබේ.

 ක්‍රිස් ගේලුත් පැමිණි බොල්ට්ගේ උපන්දින සාදයේ වීඩියෝවක් පහතින්