රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.



අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (10) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.