අද දහවල් සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුවූ අතර මේ
හේතුවෙන් කාර්යාල කටයුතු රැසක් අඩපණ විය.
කාර්යාල නිමවී නිවෙස් බලා යන වාහන පාරට දැමුණ පසු පාරෙ මාර්ග සංඥා ක්‍රියාවිරහිත නිසා ඇතිවූ තත්වය ඊට වඩා ගැටලු කාරී විය.
කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබූ බව වාර්තා විය.
රථවාහන තදබදයට හේතුව විදුලිය බිඳ වැටීමත් සමඟ මාර්ග සංඥා ක්‍රියාවිරහිතව පැවතීමත් ඒ වෙනුවට පොලිස් නිලධාරීන්ගේ සේවය යෙදෙව්වත් ඇතැම් ස්ථානවල පාලනයට එය ගැටලුකාරී වීමත් බව වාර්තා විය.