සිවිල් සංවිධාන සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින හිටපු ආණ්ඩුකාර
සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියකු බව පවසමින්ය.
සිවිල් සංවිධානයේ සාමාජික පුජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමි මෙසේ කීහ.
    සුරේන් රාගවන් මහතා ද්විත්ව පුරවැසියෙක් කියලා අපිට ලැබුණු තොරතුරු අනුව අපි මැතිවරණ කොමිසමට පැමිණිලි කළා. ඒ වගේම එතුමාගේ ෆේස්බුක් ගිණුමේ රාජපක්ෂ පවුලේ පිංවතුන් එතුමා නිර්දය විදියට විවේචනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සිටිෂන්ෂීප් එක ගැන කොමිසම සොයා බලයි කියලා අපි හිතනවා.