දෙවන බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩ නැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින, කුරුණෑගල නගරාධිපති, තුෂාර සංජීව විතාරණ, ආගිය අතක් නැති බව පොලිසිය පවසයි.




ඔහු සොයා, පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව ද පැවසේ.

මේ අතර, නගරාධිපතිට පක්ෂපාතී පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරියේ නිහඬ විරෝධතාවයක යෙදෙමින් සිටින බව වාර්තා වේ. ඔවුන්, නීතිපතිට එරෙහිව විරෝධතා පුවරු ඔසවාගෙන සිටියි.

නගරාධිපති අත් අඩංගුවට ගන්නා ලෙස, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ, නීතිපතිවරයා විසිනි.

කෙසේ වෙතත් මේ වනවිට මෙම නගරාධිපතිවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ සැඟව සිටින බවට කුරුණෑගල නගර සභා මන්ත්‍රීවරයෙකු චෝදනා කර සිටී. නගරාධිපතිවරයාගේ මයිලකටවත් අත තැබීමට නොදෙන බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම වැලැක්වීම වීම සඳහා මෙලෙස සඟවාගෙන සිටින බවට එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.