නිල නොවන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකරන්නැයි මැතිවරණ කොමිසම දන්වා තිබුණද සමාජ මාධ්‍ය හා රජයේ ඇමතිවරුන්ට සම්බන්ධ ඇතැම් වෙබ් අඩවි වෙත ඡන්ද පොළ නිලධාරීන් නිල නොවන තොරතුරු සපයා ඇත.


ඒවා තහුවුරු කර නැති නමුත් වැඩිමනක දැක්වෙන්නේ
ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් සමාජ මාධ්‍ය වෙත දන්වා ඇති ආකාරයට උතුර පලාත හැර රට පුරා බොහෝ මධ්‍යස්ථානවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බවය.
උතුරු පළාතේ දෙමළ ජාතික සංධානය ඉදිරියට පැමිණ ඇති බව පවසා ඇත.
මාතර කඹුරුපිටිය ආසන ඡන්දවලින් 72%ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇතැයි එක් වාර්තාවක කියැවුණි.
තිස්සමහරාම තැපැල් ඡන්ද පුතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ පළමු තැනටත් ජාතික ජන බලවේගය දෙවන තැනටත්  සමගි ජන බලවේගය තුන්වන තැනට පත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිව් වෙනි තැනට පත්ව තිබේ.
මෙම ප‍්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නැත.

රටපුරා පිහිටි මධ්‍යස්ථාන 77ක දී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන අතර මේවායේ නිල ප්‍රතිඵල අද සවස වනවිට නිසි පරිදි ප්‍රකාශ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පළමුව තැපැල් ඡන්ද ප්‍රතිඵල ලබාදෙනු ඇත.