ශේෂාද්‍රි  ප්‍රියසාද්ගෙ මොකද තත්වෙ මේ දවස් වල?
 හොඳින් ඉන්නවා දීර්ඝ නිවාඩුවක් හම්බුන නිසා සැහැල්ලුවෙන්  ගෙදරට වෙලා ඉන්නවා ඔක්කොමත් එක්ක.

එකපාරටම ඔබ හොයාගන්න නැති වුනේ මොකද ?
ජීවිතේට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක සමාජයෙන් එල්ල වුන චෝදනා
හින්දා ආස නැති වුණා පේන්නේ ඉන්න. ප්‍රසිද්ධ චරිතයක් නිසා මෙහෙම කියන්නේ ඇත්ත නැත්ත දන්නැතුව නොකරපු වැරැද්දකට මාව කොටු කරා වගේ වුණා .ඒකත් එක්ක මං අධ්‍යාපන කටයුතු නැවත නැවතුණුු තැන ඉඳලා ඉගෙන ගත්තා full time study  කලා  ඒ කාලෙදී ජීවිතේට අලුත් දේවල් එකතු කර කරගන්න  පුලළුවන් වුණා.


පහුගිය studies වලින් කරගත්තේ මොනවද?
 business management කර කර හිටියේ ඒක එහෙමම නතර වෙලා .ඉතින් මං හිතුවා මං ගුරු වෘත්තියට ගොඩක් ආසයි .පොඩි ලමයින්ටත් ආසයි පූර්ව ළමාවිය පැත්තට යොමු වුණා මං දැන් පාසලක වැඩ නොකලත් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා.

 මුලින් ආපු ගමන  බ්‍රේක් උනානේ දැන් අපරාදෙ වගේ නැද්ද?
අපිට ලැබෙන්න තියෙන දේ එක. චිත්‍රපට මේ වෙද්දි ඔක්කොම දහයක් කරල තියෙන්නෙ. නමුත් ඒ දහයෙන් 4,5 තමයි තිරගත වුණේ කරපු චිත්‍රපට හොඳ ඒවා කීපයක්ම එන්න තියෙනවා දැන් සතුටුයි ගොඩක් අය ඇවිත් ඉන්නේ.

 රංගනයට ගෙදර අය ඔක්කොම සම්බන්ධයි අම්මා හැර?
 අම්මා ඉඳලා තියෙනවා තාත්තිගේ ඒවට අපි පොඩි නිසා ඉඳලා   නෑ අහයින් වෙලා.
 අක්කයි නංගියි දෙන්නම  ටෙලි නාට්‍යවල ඉන්නවා. චිත්‍රපටවල ඉන්නවා .ඔබ මුල ඉඳලම ටෙලිනාට්‍යවල නෑ

ඒ වගේ දැඩි තීන්දුවක් ගත්තෙ කොහොමද?
 ඇ්තටම ඒ කාලේ මම ෆිල්ම්ස් වලින් පටන් ගත්තේ ඒ ලෙවල් කරන අතරතුර ඉතින් ඒ දවස් වල මගේ වෘත්තිය කියලා මං ඒ මත හිටියේ නෑ හොඳ නිර්මාණ ආවොත් කරනවා කියන තැන හිටියේ මගින් කාඒ කාලේ දීර්ඝ ටෙලිනාට්‍ය ඒවට සෙට් එන්න බැරි වෙයි කියල හිතුන මගෙ studies එක්ක .ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. දැන් කොටස් අඩු ඒවා   තියෙනවා . ඉස්සරහට හොඳ නිර්මාණ භාරගන්නවා

 එතකොට stage drama?
 stage drama  පාසල් කාලේ කළා .මෙතැනට ආවට පස්සෙ කරල නෑ .ගොඩක් කාලය යොමු කරන්න ඕන. එහෙම හම්බුනොත් අවස්ථාවක් කාලේ වෙන් කරන්න  පුලුවන්ද  බලන්න ඕන මුලින්ම.

 ගෙදර අක්කගෙයි නංගිගෙයි රසිකයෙක් විදිහටට ඔයා හිතන්නෙ වඩා දක්ෂ කවුරු කියලද?
 මං හිතන්නේ දෙන්නම් දෙන්නටම   ආවේණික වූ දෙයක් තියෙනවා. ඒක  කියන්න  අමාරුයි මේ අයට වඩා  මෙයා හොඳයි කියලා දෙන්න පැති දෙකක් තියෙන්නේ දෙන්නම දක්ෂයි.

 covid19 ඉවරවෙලා පුරුදු විදිහට ආවොත් ඔබ රඟපාන්න සූදානම් ද
 තියෙනවා කැමැත්තක්  හොඳ නිර්මාණයක් බාර ගන්නවා ඉතින්.

 නිහඬව හිටිය නිසා එළියට එන්න හොඳ පාරක් ඕනේ ඔළුවේ තියෙනවද මම මෙයා එක්ක මෙහෙම ආවොත් හොඳයි කියලා?
 එහෙම දැනිලා නැහැ. හිතිලා නෑ නමුත් මාව මුලින්ම චිත්‍රපට  ක්ෂේත්‍රයට යොමු කළේ උදේකාන්ත වර්ණකුලසූරිය මහතා. කැමතියි ආපහු සැරයක්යක් උදය අංකල් එක්ක වැඩ කරන්න.

උදය අංකල් ගේ ආරාධනාවක් ලැබුණොත් බාර ගන්න කැමැති කැමැති නළුවෙක් එහෙම නැද්ද?
 එහෙම විශේෂත්වයක් නෑ .
 අක්කගෙයි නංගිගෙයි ජීවිකාව රඟපෑම් වුණත්  ඔයාට එච්චර ඕන නෑ අතරමැදි වගේ එකක් වගේ නේද?
 අතරමැදි නෙමෙයි. මේක අපිට හොබී එකක් විදිහට කරන්න බැහැ .හැමදේටම කාලය වෙන් කරන්න ඕන මම කැමැතියි හැම එකම බැලන්ස් කරගෙන කරන්න.


ඒ  වයසේ ළමයෙක් විදිහට ආපු ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කොහොමද?
 ඒ දේවල් වෙද්දි වයස අවුරුදු 23 ක් විසි හතරක් විතර හැම දෙයක්ම සිද්ධ වුණේ මට ඒ වෙද්දි අනවශ්‍ය විදිහට බැන්නා ඒකෙන් එළියට එන්න ටිකක් කල් ගියා මගේ පවුලේ අයගෙන් යාලුවන්ගෙන් සහයෝගය හම්බුනා. මේ විදිහට ප්‍රශ්නයක් උනාම ගොඩක් අය කරන්නේ සියදිවි නසාගන්න එක. නමුත් එහෙම ප්‍රශ්නේ විසඳන්න බෑ අද අලුතෙන් පටන් ගන්න තීරණය කරා .

අද පේනවා  ලෝකයේ ලංකාවේ නළුවෝ ඉන්දියාවේ නළුවෝ ප්‍රසිද්ධ අය සියදිවි හානි කරගන්නවා .එහෙම ඉන්න ඇය mentally positive තැනකට ගේන්න උවමනා නැද්ද  ?
ඇත්තටම මම කැමැතියිතියි .නමුත් ඒක තව මට ඉගෙනගන්න ඕන මගේ අත්දැකීම් ගැන කියලා කාට හරි උදව් කරන්න  කැමති.

 අලුත් ජීවිතේ ගැන මොනාහරි කියන්නේ කැමතිද?
 අලුත් ජීවිතේ එදා  ඉඳලම මට ඕන වුණේ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ළමයි හදන්න. කවද කොහොම වෙයිද නමුත් ඉස්සරහට අනිවාර්යෙන්ම එක සිද්දවෙයි ඊට අමතරව ලොකු  බලාපොරොත්තු නෑ.

 මොනාද ඉතාම ඉක්මනින් වෙනස්  වෙන්න තියෙන දේවල්?
 එහෙම මුකුත් වැඩ භාර ගෙන නැහැ අර ලෙක්චර්ස් කරනවා වැඩ කිහිපයකට ආරාධනා ලැබුණා.

අක්කගෙයි නංගිගෙයි instagram බලද්දි  ගෙදර නිකම් වෙනම ලෝකෙත් ඉන්නවා කියලා හිතෙන්නේ තුන්දෙනත් එක්ක?
 ඇත්තටම අපි ඉන්නේ ගමක නිස්කලංකව .අක්කයි නංගියි ගත්තොත් මේ කාලෙ තුල අක්කා ගොඩක් ආශ්‍රය කරන්න අවස්ථාව හම්බුනා එයාව නැත්තං දකින්නවත් නැති තරම් මේ කාලේ අපි එකතු වුණා කෑම හැදුවත් සෙල්ලම් කරා අපි ආයෙත් පොඩි කාලෙට ගියා වගේ මගේ ප්ලෑන් එකක් වුනත් ඉස්සර වෙලාම මම කියන්නේ ඒ දෙන්නට.

 අම්මයි තාත්තයි ?
අපිට සාමාන්‍යයෙන් කෑම බීම එකට ගන්න හම්බෙන්නෑ. නමුත් පහුගිය ටිකේ එකටමයි කෑම එහෙම ගත්තෙ එයාලගෙන් අපේ හැම වැඩකටම ලොකු සහයෝගයක් ලැබෙනවා.

අවසානයේ කියන්න දෙයක් තියෙනවද ?
  අවසාන ඉතිං අර කිව්ව වගේ කාට හරි කතා කරන්න ඕන. මං කැමති මගේ අත්දැකීම් ගැන කතා කරන්න මගේ අත්දැකීම් උදව් කරන්න අවුරුදු පහක් විතර ඉඳලා ආයෙ ආපු ආවට පස්සෙේ මාව අමතක නැති එක ගැන මට ගොඩක් සතුටුයි. නමුත් ඒ දේ මට වැඩියෙන්ම ලැබෙන්න ඇත්තේ අක්කයි නංගියි නිසා.