[Trending][btop]
[News][stack]

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් හැටි



නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පසුගියදා (2020.08.14) වන දින අමාත්‍ය කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කළාය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය  ''මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත්වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණයවීමේ  මූලික අඩිතාලමක් වෙන්නෙ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම තුළින් ඊලඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනගන්න වෘත්තීය පුහුණුව ලබා දෙමින් මේ රටේ කුසලතාවයන් වැඩි වර්ධනය කරමින් රැකියාවලට යොමු කිරීම මේ රජයේ බලාපොරොත්තුවයි.
ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා නම් කරලා තියනවා. එය යථාර්ථයක් බවට පත් කරන්නට මේ අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යනවා. ඔවුන්ට මේ රට ගොඩනගන්නට පසුබිම සකස් කරගෙන ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට මා හිතනවා මාගේ මේ රාජ්‍ය අමාත්‍යාංශය තුළින් බොහෝ කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා නීතිමය පසුබිමත් සකස් කරලා තියනවා.'' යි පැවසුවාය.
තව දුරටත් සභාව ඇමතූ අමාත්‍යවරිය ''මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතුව නැගී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්නට කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශය තුළින් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.'' යන්න ද අවධාරණය කළාය.
මේ අවස්ථාව සඳහා අමාත්‍යාංයේ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය මහතා, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) , අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවලට ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.












Information Sent By - Ministry Of Skills Development
editor@gossiplankanews.com