ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නව ඒකාබද්ධ වාර්තාවකට අනුව ගෝලීය වශයෙන් දරුවන් මිලියන 800කට වැඩි පිරිසකට පාසලේදී අත් සේදීමට පහසුකම් නොමැති බව කියයි.

COVID-19 වසංගතය තුළ පාසල් නැවත විවෘත කිරීම සඳහා වූ මාගෝපදේශ මගින් සම්ප්‍රේෂණය අඩු කිරීම සඳහා සනීපාරක්ෂාව අවශ්‍ය බව අවධාරණය කරන අතර, පාසල් විසින් නිතිපතා අත් සේදීම බලාත්මක කිරීම නිර්දේශ කරනු ලැබේ. එහිදී covID-19 හේතුවෙන් සෞඛ්‍ය හා මානුෂීය අර්බුදයේ වැඩිම අවදානමක් ඇති රටවල් 60ක් හඳුනාගෙන ඇති අතර, එම පාසල් දෙකකින් එකකට මූලික ජල හා සනීපාරක්ෂක සේවා නොමැති බවත්, වසංගතය පාලනයට අවශ්‍ය මූලික අත්සේදුම් පහසුකම් නොමැති බවත් වාර්තා වෙයි.

ඒ අනුව ගෝලීය වශයෙන් දරුවන් මිලියන 818කට පාසලේදී මූලික අත් සේදීම සඳහා ප්‍රවේශයක් නොමැති බව කියයි. එම දරුවන්ගෙන් මිලියන 355කට, ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ දරුවන්ට ජලය ලබාගත හැකි වුවත් සබන් නොමැති අතර, ඉතිරි මිලියන 462කට අත් සේදීම සඳහා ජල ප්‍රවේශයක් නොමැති බවද සඳහන් වෙයි. මෙවැනි දරුවන්ගෙන් වැඩි පිරිසක් උප සහරා අප්‍රිකානු කලාපයේ ජීවත් වෙති. එසේම පාසල්වලින් 70%කට ආසන්න ප්‍රමාණයක් සඳහා මූලික පානීය ජල සේවා ඇති නමුත්, තවමත් ගෝලීය වශයෙන් දරුවන් මිලියන 584කට පාසලේදී මූලික පානීය ජලය ලබා ගැනීමට නොහැකි වී තිබේ.

"මෙවලම් ඇතුළු සියලු සැකසුම්වල ඵලදායී ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් පැවසීය.

"දැනට පවතින COMD-19 ගෝලීය වසංගතය තුළ පාසල් සුරක්ෂිතව නැවත විවෘත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ උපායමාර්ගවල ප්‍රධාන අවධානය එය විය යුතුයි."ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් 2020 ජුනි මාසයේදී "සැමට අත් සනීපාරක්ෂාව' යන ගෝලීය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එය COVID-19 ට ප්‍රතිචාර වශයෙන් අත් සනීපාරක්ෂාව ඉහළ නැවීම අරමුණු කරයි.