අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලා අපේ ජනබල පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන ලද මධුශාන් රන්දික අතුකෝරල මහතා
ගාල්ල සරෙන්තුකඩේ හන්දියේදී ඊයේ (13දා) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඒ මහතා පැවසුවේ, නාමයෝජනා අත්සන් කරනවිට පක්ෂයේ තිබූ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරියට යායුතු අතර, ඒසදහා අතුරලියේ රතන හිමියන් ඥානසාර හිමියන් සහ සමන් පෙරේරා මහතා එක්විය යුතු බවය.

20 වැනිදින ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට යනතුරු තමා උපවාසය අත් නොහරින බවද අතුකෝරල මහතා අවධාරණය කළේය.

(රවිඳු දීයගහගේ)