කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමට විරෝධය පළකරමින් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය ඊයේ (31) දිනය වනවිට තව තවත් දැඩි කරමින් කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු නතර කළ බව වෘත්තීය සමිති නිවේදනය කර සිටියේය.



එහිදී මෙම නැගෙනහිර පර්යන්තය පිළිබදව නිසි ලිඛිත පිළිතුරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තුවන බව මෙම වැඩවර්ජනය මෙහෙයවන වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශාමාල් සුමනරත්න මහතා පවසා සිටියේය.

එහිදී මෙම වැඩවර්ජනය හේතුවෙන් මේ මොහොතේ යම් පාඩුවක් රටට සිදුවන බවත් එයට ජාතියෙන් සමව අයදින බවත් මෙමගින් ලබාගන්න වූ දෙයින් අනාගතයේ මෙම සිදුවන පාඩුව මෙන් මහා විශාල ගුණයක ධනයක් රටට හිමිවන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.