බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ භාර්යාව සහ තවත් අමාත්‍යවරයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී
ඇතැයි තහවුරු වී තිබේ.


කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අවතක්සේරුවෙන් අදහස් පළ කළ සහ අවම ක්‍රියාමාර්ග ගත් පාලකයන්
අතරින් බොල්සොනාරෝ මුල් ස්ථානයක සිටී.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ම ඔහු ද මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ අතර වෛරසය
පාලනය කිරීමට රටේ පාලකයා වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද පැහැර හැරියේය.

පසුගිය කාලය පුරා එරට ජනතාවගෙන් මේ පිළිබඳව ඔහුට විශාල විරෝධයක් එල්ල වූ අතර හිටපු සෞඛ්‍ය
අමාත්‍යවරයා ද ධුරයෙන් ඉල්ලා අස් විය.

ඇමරිකාවෙන් පසුව කොරෝනාවෛරසයෙන් දැඩි ලෙස පීඩනයට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.

මේ වන විට එරට අමාත්‍යවරුන් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

එරට නිල සංඛ්‍යා දත්ත අනුව පුද්ගලයන් මිලියන 2.5කට අධික ප්‍රමාණයක් වෛරසයට ගොදුරු වී ඇති
අතර 90 000කට අධික පිරිසක් මරණයට පත් වී ඇත.

පසිඳු මඩුලුපුර