මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් මාතරට තරග වැදුණ හිටපු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට මනාප මදිවීම නිසා පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීමට නොහැකි වී ගියේය.


ඔහු ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු හා චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහන නිසා ප්‍රකාට වූ අයෙකි.
මේ හා සමාන රූපවාහිනියේ විවිධ වැඩසටහන් මෙහෙයවූ නිවෙදකයෙකුවූ සංජීව එදිරිමාන්න මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කළුතරට තරග කළ අතර ඔහු 105973 ක් ඡන්ද ලබා කළුතර තෙවැනියා ලෙස මන්ත්‍රී ධූරයට තේරී පත්ව ඇත.