ව අමාත්‍යමණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අනිද්දා (12) පෙරවරුවේ මහනුවර මගුල් මඩුවේදී  දිවුරුම් දීමට නියමිතය. දැනට ලැබෙන ආරංචි අනුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සිදුවන ආකාරය ගැන ඉඟි කිහිපයක් ලැබී ඇත.

මුදල්  නිවාස හා ඉදිකිරීම් බුද්ධ ශාසන හා
සංස්කෘතික අමාත්‍යධුරය - අගමැති මහින්ද රාජපක්‍ෂ

විදේශ ඇමති - දිනේෂ් ගුණවර්ධන
සෞඛ්‍ය ඇමති - පවිත්‍රා වන්නිආරච්චි
වාරිමාර්ග ඇමැති -  චමල් රාජපක්‍ෂ
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ
සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති - ප්‍රසන්න රණතුංග
විදුලි බල ඇමැති - උදය ගම්මන්පිල
ජනමාධ්‍ය ඇමැති - කෙහෙළිය රඹුක්වැල්ල
අධිකරණ ඇමති - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි
ක්‍රීඩා ඇමැතිධුරය - නාමල් රාජපක්‍ෂ

ඉකුත් කැබිනට් මණ්ඩලයේ සිටි අමැතිවරුන් සියලු දෙනාටම ඇමැතිධුර ලැබීමට නියමිත අතර නවකයන්වූ
ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර, ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ටද ඇමැතිධුර ලැබීමට  බොහෝදුරට ඉඩ ඇති බව පැවසේ.