ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ආචාර්ය හරිණි අමරසුරිය නම් කර ඇත.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ඇය 2015 යහපාලන රජය පිහිටුවීමට ක්‍රියාකාරී ලෙස දායකවූ විද්වත් කණ්ඩායම් නියෝජනය කළාය. පසුව ජාතික ජන බලවේගයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියාය.