අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහයේ අවසන් කටයුතු ඊයේ (13දා) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ මහතා කෙටි කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11දා අභාවප්‍රාප්ත විය.

ඔහුගේ දේහය මත්තෙගොඩ සම්බුද්ධි වත්තේ අංක 240/3/Aහි පිහිටි ඔහුගේ නිවසට 12දා උදෑසන රැගෙන ආ අතර එම අවස්ථාවේ ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසක් නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු කථානායක කරු ජයසූරිය, තිස්ස අත්තනායක, මංගල සමරවීර, නලින් බණ්ඩාර, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු දේශපාලනඥයන් මෙන්ම කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දෙස් විදෙස් තානාපති කාර්යාල නියෝජිතයන් විශාල පිරිසක් විය. ඊයේ සවස2.00ට පමණ කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර

ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරන ලදී. එහිදී පිරිස පංචශීලයේ පිහිටුවා මූලික ආගමික වතාවත් සිදුකිරීමට මත්තෙගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද අතර, ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ හා ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සී යන

ස්වාමීන් වහන්සේලා විසින් පැවිදි අනුශාසනා පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් ගිහි ගුණ කථනයක් සිදුකරන ලද අතර, ජපානයෙන් එවන ලද ශෝක ප්‍රකාශයක් මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා විසින් කියවන ලදී.

අනතුරුව දේහය රැගත් රිය පෙරහර පස්වරු 4.00ට නිවසින් පිටත්ව, පස්වරු 5.00 බොරැල්ල කනත්තට රැගෙන යෑමෙන් අනතුරුව දේහයේ අවසන් කටයුතු සිදුකෙරිණි.

(ශාන්ත ප්‍රදීප් කුමාර)