ගෝස්තු 05 වැනිදා පැවති මහමැතිවරණයෙන් ඒ ඒ පක්ෂ වලට පාර්ලිමේන්තු ආසන 196 බෙදීයාම දැක්වෙන සටහනක් මේ සමග පළවේ.

ඡන්දයෙන් තෝරාගන්නා 196 දෙනාට අමතරව ජාතික ලැයිස්තුවෙන් 29 දෙනෙකු මෙයට එක්විය යුතුය.
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර ඒ ඒ පක්ෂ ජාතික මට්ටමින් ලබන ඡන්ද ප්‍රතිශත අනුව තීරණය කෙරේ.
ජාතික ලැයිස්තුවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් 17 ක් සමගි ජන බලවේගයෙන් 07 ක්
ජාතික ජන බලවේගයෙන් 01 ක් එජාපයෙන් 01 ක් ද්‍රවිඩ සංධානයෙන් 1 ක් හා වෙනත් 2 ක් එක් කරනු ඇතැයි අනුමාන කෙරේ.