COVID-19 ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සකින් මහා කිවිසුමකින් හෝ කතා කිරිමෙන් පිට වන බිදිති අඩි 7ත්  අඩි 16න් අතර පමණ වන දුරක පාවී ගොස් තවත් පුද්ගලයන් එහි ආසාදිතයන් බවට පත්කිරීම් හැකියාවක් පවතින බව අලුත්ම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන නිමවේ.
එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලය මගින් මෙම අධ්‍යයනය සිදුකර ඇත. ඒ අනුව මෙම ද්‍රව්‍යමය ලක්ෂණයක් පවතින බිදිති මගින් ජානමය සංඝටකවලට අමතරව  සැබැවින්ම ආසාදිත වෛරසද රැගෙන යන බව හඳුනාගෙන ඇතැයි ඊට සම්බන්ධ වූ පර්යේෂකයන් සඳහන් කරයි.

මෙහිදී ඔවුන් රෝගීන් දෙදෙනකු රඳවා තැබෙන රෝහල් කාමරයක් තුළදී අදාළ බිඳිති සාම්පල ලබාගෙන ඇති අතර, එහි ඇඳන් මත සිටින රෝගියෙකුගෙන් පිටවන බිඳිති තුළ ඇතුළත් වෛරස අංශු අඩි 7ත් අඩි 16ත් අතර ප්‍රමාණයක් දක්වා දුරකට යන බවත් හඳුනාගෙන තිබේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මීට පෙර පවසා තිබුණේ රෝහලක් තුළදී ආසාදිතයෙකුගෙන් පිට වන වෛරසය ඇතුළත් බිඳිති තවත් පුද්ගලයෙකු වෙත පිට වන්නේ එම ආසාදිතයා නිහාරිකාරකයක් (නෙබියුලයිසරයක්) භාවිතයේදී සහ හුස්ම ගැනීම පහසු කරගැනීම සඳහා සිදුකරන වාතය උරා ගැනීමේදී (සක්ෂනින්ග්) අවස්ථාවේදී පමණක් වන බවකි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයද පසුගිය මාසයේදී නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙම නව කොරෝනාවට හේතු වෙන SARs-CoV-2 වෛරසය කුඩා වාත අංශුවක රැදී සිට වාතය හරහා ව්‍යාප්ත වන වන බව පවසා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ වන මධ්‍යස්ථානයේ මෙන්ම බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ බොහෝ විශේෂඥයන්, කැස්සෙන් සහ කිවිසුමෙන් පිටවන බිදිති නිසා වාතය හරහා නව කොරෝනාව බෝ වන බවට වන අදහස ප්‍රතික්ෂේපෙ කරයි.

එහෙත් මෙලෙස වාතය හරහා වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ අපගේ ශ්වසන පද්ධතියෙන් පිටවන ඉතාමත් කුඩා අංශු වැනි කොටස් බවත්, ඒවා මයික්‍රොමීටර් පහකටත් වඩා කුඩා බවත් පැවසෙයි. ඒ අනුව එම වෛරසය රැගත් වායු අංශුවක් ඉතාමත් පහසුවෙන්ම ආඝ්‍රාණය විය. හැකි බවත්, ඒ හරහා නව කොරෝනා. ආසාදිතයෙකු බවට පත්වීමේ අවස්ථාවක් ඇති බවත් ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පෙන්වා දෙයි.