කමල් හසන් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ඉවත් වීම ගැන කියපු කතාව ඉන්දීය මාධ්‍ය තුළ විශේෂයෙන් වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි පසුගිය දිනකදී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලදි. මෙම සිදුවීම සම්බන්ධයෙන්
දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු කමල් හසන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.


මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ ඔහුගේ සමුගැනීමට කාලය හරි නමුත්, ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරමින් සිය සමුගැනීම සනිටුහන් කළා නම් එය සතුට දනවන්නක් වනු ඇති බවය. කෙසේ වෙතත් සුපිරි සිනමා නළු කමල් හසන් මෙසේ තම කණගාටුව ප්‍රකාශ කිරීමත් සමඟ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක්ද ඊට ප්‍රතිචාර දක්වා තිබුණි.

කෙසේවුවද දෝනිගේ නායකත්වයෙන් තරඟ කරන ‘චෙන්නායි සුපර් කිංග්ස්' කණ්ඩායමේ සුරේෂ් රෙයිනාද දෝනි සමඟින්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව ඇත.

රිෂ්මි ඉෂාරා