අමීර් ඛාන් මේ දින වල වැඩි කතාබහට ලක්වන්නේ 'ලාල් සි චඩ්ඩා' චිත්‍රපටයත් සමඟිනි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන මෙය  ඉන්දියාවට වඩා විදෙස් රටවල ප්‍රදර්ශනය කරන්නට එහි ප්‍රධාන නළු අමීර්ඛාන් වෙහෙසෙන බව දක්නට ලැබේ.



එහි එක් පියවරක් ලෙස අමිර් ඛාන් මිට දින කිහිපයකට පෙර තුර්කියට ගොස් එහි සිනමා බලධාරින් සමඟ යම්කිසි සාකච්ඡාවක්ද සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දංගල්, සීක්‍රට් සුපර්ස්ටාර්, පිකේ චිත්‍රපට සඳහාද අමිර් ඛාන් රංගනයෙන් දායක වූ අතර ඒවා  විදෙස් රටවලදී ඉහළ ආදායමක් උපයාගෙන ඇත. එමෙන්ම එම චිත්‍රපට ත්‍රිත්වයම බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබු පළමු බොලිවුඩ් චිත්‍රපට පහ අතරට තේරීපත්ව තිබීම හේතුවෙන් අමීර් ඛාන් සිය නවතම චිත්‍රපටයද මෙම තත්ත්වයට ගෙන ඒමට උත්සහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ.