චීනයට අයත් කෙටි  වීඩියෝ හුවමාරු ඇප්  වැඩසටහනක් වන ටික්ටොක් වැඩසටහන් ඇමෙරිකානු හස්තය. මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට අවසරය දෙන්නේ එය සම්පූර්ණයෙන්ම චීනයෙන් වෙන්කර මිලදී ගැනීමට  ඔවුන් ක්‍රියා කරන්නේ නම් පමණක් බව ජනපති ට්‍රම්ප් මයික්‍රොසොෆ්ට් සමාගමට අවධාරණය
කර තිබේ.  ඒ අනුව මයික්‍රොසොෆ්ට්  සමාගම සමග මෙවැනි එකඟතාවක් ඇති  කරගැනීම සඳහා තමන් ටික්ටෝක් වැඩසටහන හිමි චීනයේ බයිට්ඩාන්ස් සමාගම වෙත දින 45ක කාලයක් ලබාදෙන බවත් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.

මෙම ගනුදෙනුව පිළිබඳව  ප්‍රථම වරට අනාවරණය වීමත් සමග ට්‍රම්ප්ට විරුද්ධ වූ අතර, ටික්ටොක් ඇමෙරිකාව තුළ තහනම් කරන බව ප්‍රකාශ කර තිබුණි.

එහෙත් ඊට පිළිතුරු දුන් ටික්ටොක්හි ඇමෙරිකානු හස්තයේ සාමාන්‍යාධිකාරිනිය තමන් ඇමෙරිකාව හැර නොයන  බව පැවසුවාය. එහිදී  ගැටලුව ආරක්ෂාව නම් ඒ සම්බන්ධයෙන් කටයුතු  කරන බවත් ඇය පවසා තිබුණි.  මේ අතර පසුගිය ඉරිදා දිනයේදී නිවේදනයක් නිකුත් කර ඇති මයික්‍රොසොෆ්ට් සමාගම  තමන් මෙම ටික්ටොක් වැඩසටහන්නේ ඇමෙරිකානු හස්තය අත්පත් කරගැනීම  සම්බන්ධයෙන් චීනයේ බයිඩාන්ස් සමාගම සමග සාකච්ඡා කරන බව පවසා ඇත.  පවතින තත්වය සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සත්‍යා නඩෙල්ලා සහ ජනපති ට්‍රම්ස් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර, ටික්ටොක් භාවිත කරන ඇමෙරිකානුවන් සියල්ලන්ගේම පෞද්ගලික තොරතුරු සියල්ලම රට තුළ රඳවා තබා ගැනීමට කටයුතු කරන බව නඩෙල්ලා ජනපතිවරයාට පවසා ඇත.