සුගිය ජනපතිවරණයෙන් පසු භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය  ප්‍රකාශක ධුරයේ කටයුතු කළ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය මහමැතිවරණයෙන් පසු වෙළෙඳ ඇමති ධූරයට පත්වූ අතර  නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
තමාට අමාත්‍ය ධූරයේ වැඩ කරන අතර එම කටයුත්ත දිගටම සිදු කරන්නට
වේලාවක් නැති බව දන්වා ඇති ඇමති බන්ධුල තමා වෙත පවරා ඇති අතිරේක වගකීම් වලින් නිදහස් කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවේ.

පැවති භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරුන් ලෙස ඇමති ආචාර්ය බන්දුල හා ඇමති වෛද්‍ය රමේශ් පැමිණි  අතර රජයේ ප්‍රවෘත්ති දෙචපාර්තමේන්තුවේ ශාලාවට සෑම සතියකම කැබිනට් රැස්වීමට පසුදිනයේ පැමිණ අදාළ වාර්තාව ඉදිරිපත් කර මාධයවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට සිදුවිය.

2010-2014 සමයේ කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළේ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලයි. 2015-2019 සමයේ ඇමති රාජිත විසින් ප්‍රධාන වශයෙන් එම කටයුත්ත සිදු කර තිබුණි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ තම නම යෝජනා කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බැවින් නව රජය වෙනුවෙන් එම තනතුර සඳහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කරන මෙන්  අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.