2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70% ක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



ඔහු මේ බව පැවසුවේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය – 72%
ගම්පහ දිස්ත්‍රික්කය – 69%
කළුතර දිස්ත්‍රික්කය – 71%
මහනුවර දිස්ත්‍රික්කය – 71%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%
මාතලේ දිස්ත්‍රික්කය – 71%
ගාල්ල දිස්ත්‍රික්කය – 69%
මාතර දිස්ත්‍රික්කය – 71%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 73%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 71%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 71%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 74%
මඩකලපුව දිස්ත්‍රික්කය – 72%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 72%
බදුල්ල දිස්ත්‍රික්කය – 74%
මොනරාගල දිස්ත්‍රික්කය – 74%
වන්නි දිස්ත්‍රික්කය – 73%
යාපනය දිස්ත්‍රික්කය – 69%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 69%
පුත්තලම දිස්ත්‍රික්කය – 63%
රත්නපුර දිස්ත්‍රික්කය – 73%
කෑගල්ල දිස්ත්‍රික්කය – 71%