මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ පියපුතු යුගළ 4 ක් නව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතය. එක් යුගළයක් වන්නේ කුරුණෑගලින් ජයගත් අගමැති මහින්ද හා හම්බන්තොටින් ජයගත් නාමල් රාජපක්ෂයි. තවත් යුගළක් වන්නේ
මාතලේ තරග කර ජයගත් ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යුගළයි.


එමෙන්ම හම්බන්තොට ජයගත් චමල් රාජපක්ෂ හා මොණරාගල ජයගත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පියපුතු යුගළද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.

කොළඹ ජයගත් දිනේෂ් ගුණවර්ධනගේ පුත් ඉංජිනේරුවෙකු වන යදාමිණි ගුණවර්ධන මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර ඇත.