2020 මහමැතිවරණයේ  ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජංගම නිරීක්ෂකයින් 2200 ක් දිවයින පුරා  යොදවා ඇති බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ
දිස්ත්‍රික්ක 26ම ආවරණය වන පරිදි මෙම නිරීක්ෂකයින් යොදවන බවයි.
මේ සඳහා රථවාහන 80ක් පමණ යොදාගැනීමට සැලසුම් කර තිබේ.
මෙවර මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම ද කැෆේ සංවිධානයේ නිරීක්ෂණයට ලක්වන  බවත්, නිහඩ කාල සීමාව පුරා දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් මැතිවරණ නීති රීති කඩවීම් රැසක් පිළිබදව තොරතුරු වාර්තා වන බව කැෆේ සංවිදානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.  නාමයෝජනා යෝජනා භාරගත්  දිනයේ සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 1635ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා 222ක් වාර්තා වී ඇති අතර වෛරී සහගත ප්‍රකාශ සහ ව්‍යාජ පුවත් පිළිබඳ පැමිණිලි  167 ක් සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් 810 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. නිහඩ කාලසීමාව තුළ වාර්තා වූ පැමිණිලි 603ක ප්‍රමාණය ද මීට අදාල වෙයි.