ශ්‍රී ලංකාවේ 12 වන කොරෝනා මරණය අද (23) වාර්තාවී තිබෙයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි.
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම මරණය තහවුරු කර දන්වා ඇති අතර
ඇය පිළිකා රෝගයකින් පෙළෙමින් සිට ඇති බව හා මියයාම හෘදයාබාධයකින් සිදුවූ බව දන්වා ඇත.
මියගොස් ඇත්තේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ශ්‍රි ලංකාවේ අවසන් වරට කොරෝනා ආශ්‍රිත මරණයක් වාර්තාවූයේ මීට මාස 3 කට පමණ පෙර මැයි මාසයේ 31 වනදාය. ඒ් කුවේට්හි සිට පැමිණ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මෙරටින් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 2947 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් 138 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.