කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කරනැවෑමි සිරකරුවකුගෙන්

කොණ්ඩය කප්පවාගත් බව කියන එම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු හා එහි ප්‍රධාන ජේලර්වරයා
සිය නිවෙස තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව එම රොහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

ඊට අමතරව කොරෝනා ආසාදිත එම සිරකරුවාගෙන් කොණ්ඩය කප්පවාගත් හා එම රෝහලේ රඳවා සිටින
රෝගී රැඳවූවන් 160 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ බවද එම ප්‍රකාශකයා පැවැසීය.

ඉහත කී කොරෝනා ආසාදිත රැඳවූවාගෙන් කොණ්ඩය කප්පවාගත් හා ඔහු සමීපව ඇසුරු කළ නිලධාරීන් හා
රැඳවූවන් කවුද යන්න පිළිබඳව හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට කටයුතු කරමින්
සිටින බවද එකී ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
කුමුදු උපුල් ශාන්ත