වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඩුවම් හා ජීවිතාන්ත සිර දඬුවම් නියමව සිටින සිරකරුවන් රඳවා සිටින එච්. සිර වාට්ටුවේදී  බන්ධනාගාර බුද්ධි අංග ඉකුන්දා (18) සිදු කළ හදිසි වැටලිමකින් ජංගම දුරකථන 3 ක්, සිම්පත්
3 ක් සමග විදුලි ඉස්ත්‍රික්කයක් අත්අඩංගුවට ගෙන ඇතැයි එම
බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. සිර වාට්ටුවේ බිත්ති හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සගවා තිබී හමු වී ඇති අතර විදුලි ඉස්ත්‍රික්කය එහි වෙනත් ස්ථානයක තිබී හමු වී ඇතැයි බන්ධනාගාර නිලධාරියක් පෙරේදා (19) පැවසිය.

මේ අතර වැලිකඩ කාන්තා අංශයට රාත්‍රී හා අලුයම නිතර දෙවේලේ බන්ධනාගාර තාප්පයට පිටතින් වනාතමුල්ල සීවලී පටුමග දෙසින් පාර්සල් වැටීම තවදුරටත් සිදු වන බව වාර්තතා වේ. බන්ධනාගාරයට වැටුණු මෙම එක් පාර්සලයක තිබි ජංගම දුරකථන බැටරි තොගයක් බන්ධනාගාර බුද්ධි අංශ විසින් ඉකුන්දා (18) අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද දැන ගන්නට තිබේ.

-ජයන්ත සමරකෝන්-