හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා' යන අයට බන්ධනාගාරය තුළදී වීශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බූස්ස බන්ධනාගාර අධිකාරයාට පෙර්දා (23) නියෝග කළාය. දැනට උද්ගතවී ඇති තත්වය හේතුවෙන් තම සේවාදායකයාගේ ආරක්ෂාව දැඩිකරන ලෙසට බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
ගම්පොල විදානගේ සමන්ත කුමාර
නොහොත්'වෙලේ සුදා යන අයට එරෙහිව අධිකරණයේ පවතින මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාර නඩුවක් සම්බන්ධයෙන් මෝසමක් ගොනුකරමින් ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේය.

  මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව මෙම සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පරික්ෂණයේ විමර්ශන අවසන් කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුනේ ඉකුත් 2017 මාර්තු 31 වැනිදාය.
නීති විරෝධී ක්‍රියාකාරකමකින් උපලබ්ධී වූ දේපළක් පිළිබඳව ගනුදෙනුවක යෙදීම, දේපළක් හාරගැනීම, සන්තකයේ තබා ගැනීම සිදුකිරිමෙන් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006  අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ
පනතේ වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින් රහස් පොලීසිය, ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඇතුළු සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

වෙලේ සුදා, සුරාස් අහමඩි, මතගධීර ආරච්චිගේ සාලිය කුමාර, පාලගේ නිසංසලා කුමාරි, රජගගොඩගේ සුගත් කුමාර, බිනරගමගේ  නදීකා නිල්මිනි, අසංක චානක ෆොස්තා ,  ගම්පොල විදානගේ දිලිනි නිල්මිණි, පිලිදූව  බෝගහවත්තන්ගේ චන්දිමා දිහානි, සිංහාර රුවක්තිකා ලක්මාණි සිල්වා, මාතගොඩ කංකානම්ගේ ගුණවතී, පිලිඳුව බෝගහවත්තගේ  ගයනි ප්‍රියදර්ශණි, වික්‍රමසිංහ ආරච්චිගේ සුරංග සත්, කුලප්පු ආරච්චි ලියනගේ සුමිත්, දිසානායක මුදියන්සේලාගේ හසිත විනේෂ්
තිලකරත්න මෙම සැකකරුවෝ වෙති.
(නිමන්ති රණසිංහ)