නිවසේ සුරතලයට බළලුන් ඇති කරනවා නම්, “කොටිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස අවදානම අඩු බව  ස්පාඤ්ඤ වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ  වාරිතාවක් රීසර්ගේට්වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, සමාජ  මාධ්‍ය ඔස්සේ එය කාගේත් අවධානයට ලක් වී තිබේ. යුරෝපයේ ‘කොවිච් 19" වයිරසය පැතිරෙද්දී, වයිරසයෙන් දරුණු  ලෙස බැට කෑ රටක් වන්නේ  ස්පාඤ්ඤයයි.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝගේ බිරිඳටත් වයිරසය  ආසාදනය විය. ඒ, පසුගිය මාර්තු  මාසයේ, එරට කොරෝනා වසංගත  තත්වයක් නිර්මාණය වූ අවස්ථාවේදීය.

කොරෝනා යනු සතුන්ගෙන්  (ක්ෂීරපායීන්ගෙන්) මිනිසාට ආසාදනය  වන වයිරස විශේෂයකි.
වවුලන් සහ කබල්ලෑවන් හරහා  වයිරසය මනුෂ්‍යයන්ට ආසාඳතය වූ බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.  වයිරසය දැන් මනුෂ්‍යයන් අතරේ
වේගයෙන් පැතිරනේ විකෘතිකරණයට ලක් වෙමිනි.
වයිරසය මනුෂ්‍යයන්ගෙන් යළි සතුන්ට ආසාදනය වන බව ද මේ  වනවිට තහවුරු වී තිබේ. ඒ අනුව, නිවෙස්වල සුරතලයට ඇති කරන බල්ලන් බළලුන් වයිරස ආසාදිතයන් බව
ලොව නන්දෙසින් වාර්තා විය. 

බල්ලන්ට හෝ වෙනත් සුරතල්  සතුන්ට වඩා බළලුන්ගේ සිරුරුවල ද, වයිරස විෂබීජ බහුල යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. එම වයිරසවලින්  මනුෂ්‍යයන්ට බලපෑමක් නොවෙයි.
කෙසේ නමුත් එම වයිරස නිසා බළලුන්  ඇති කරන පුද්ගලයන්ගේ සිරුරේ විශේෂ ප්‍රතිශක්තියක් හටගන්නා බවත්, එම ප්‍රතිශක්තිය නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් වදිනු ඇති බවත් අනුමාන කෙරේ.  බළලුන් නිසා වයිරස අවදානම අඩු  කරන බව පැහැදිලි කර ඇත්තේ ස්පාඤ්ඤයේ "හබින් වෛද්‍යපර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ පිරිසකි. ඔවුන් පසුගිය මාස කිහිපය පුරාවට සුරතල් සතුන් සහ  වයිරසයෙත් උන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදු කර
‘බළල් සුරතලුන් සිටින ඔබට කොරෝනා වලින් බේරෙන්න ප්‍රතිශක්තියක් ලැබෙනවා යැයි අප කියන්නේ නැහැ- ඒ බව තහවුරු වී නැහැ.

අප කරන්නේ අනුමානයක් පමණයි. සුරතල් සතුන් විශේෂයෙන් බළලුන් ඇති කරන කොරෝනා ආසාදිතයන් සහ වෙනත් සුරතල් සතුන් ඇති කරන ආසාදිතයන් අතරේ අප සම්බන්ධයක් සොයා ගත්තේ පුළුල් විමර්ශනයකින් පසුවය.
බළලුගේ සිරුරුවල වයිරස වර්ග බොහොමයක් තිබෙනවා. ඒවායින් මනුෂ්‍ය අපට අනතුරක් නැහැ. ඒ නිසා බළලුන් සමග ජීවත් වෙද්දී, කොවිච් 19"
හෙවත් නව කොරෝනා වයිරසයට සිරුරේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා වෙන්න පුළුවන්” යැයි හබින්' වෛද්‍ය පර්යේෂණ ආයතනය පැහැදිලි කර තිබේ.