ආයුර්වේද සම්බාහන ආයතනයක් කරගෙන යන මුවාවෙන් වාද්දුව ප්‍රදේශයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය හෝටල් කළමන්‍යකරුවකු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන කාන්තාවන් දෙදෙනකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. පොලිසිය මගින්
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 36 වියේ පසුවන විවාහක කාන්තාවන් බවත් මැල්සිරිපුර සහ ගල්පාත ප්‍රදේශවල අය බවත් පොලිසිය පවසයි. දෙමහල් නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති මෙම හෝටලයට පාසල් ළමයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය ද ගණිකාවන් මුදලට ගැනීමට පැමිණ ඇති බව වැඩිදුරටත් සිදුකරන ලද පරික්ෂණවල දී හෙළි වූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

හෝටලයේ කළමනාකරු මොරටුව ලක්ෂපතියේ පදිංචි අයකු වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර කළමනාකරු මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති බවත් එම මත්ද්‍රව්‍ය ද පොලිස් බාරයට ගත් බව පොලිසිය පවසයි. සැකකාර කළමනාකරුට සහ අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනාට එච්.අයි.වී. වෛරසය ශරීරගතව ඇත්දැයි පරික්ෂණ පවත්වා ගැනීමට වාර්තා ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින බවත් පොලිසිය පවසයි.සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිතව තිබුණි.

-සමන් කාරියවසම්-