ටෙලිනාට්‍ය නිළි විනූ සිරිවර්ධන මේ වනවිට  විවාහ අපේක්ෂාවෙන් පසුවන බවත් 2020 වසර අවසානයට පෙර විවාහ උත්සවය පැවැත්වීම තීන්දු කර ඇති බවත් පසුගිය සතිඅන්තයේ පුවත්පත්වලට දන්වා තිබුණි.
ඇය අතගන්නා මනාලයා ගැන වැඩි විස්තර
හෙළි කර තිබුනේ නැති නමුත් ඔහු ඇගේ ක්ෂෙත්‍රයට කිසිසේත් සම්බන්ධයක් නැති අයෙකු බව පමණක් දක්වා තිබුණි.
ඇය පෙම්වතා සමග ඡායාරූප තවම ප්‍රසිද්ධ කර නැත.
මේ අතරවාරයේ ඇය දැන් දැන් ටික ටික ඇගේ පෙම්වතාගේ සිරුරේ කොටස් සමග ඡායාරූප අන්තර්ජාලයට එක්කරන්නට පටන්ගෙන තිබේ.
ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් මීට සතියකට පෙර පෙම්වතාගේ බාහුවේ කොටසක් මත ඇය අත තබාගෙන සිටින අයුරු දැක්වුණි.

අද (2) ඇය පළ කර තිබෙන්නේ පෙම්වතාගේ අත හා ඇගේ අතයි. එහි පෙම්වතාගේ අතේ විනුගේ යයි සැක කළ හැකි තොල් ආලේපණ තැවරී ඇති අයුරුද හඳුනාගන්නට ලැබේ.

ඇගේ පෙම්වතා සම්බන්ධ ඉඟි වලට ප්‍රතිචාර දක්වා තිබෙන අය අතර ඇගේ සහෝදර නළු නිළියන්ද සිටින අතර මහේෂි මධුෂංකා එක තැනක දක්වා තිබුනේ
අත් වල කෑලි දැකලා ඇති වෙලා 😞😞😞😞 යනුවෙනි.

yapa_navodi කියා තිබුනේ ඔය හංගන් ඉන්න කෙනාගෙ මූන පෙන්නන්නෙ කවදද යනුවෙනි.
sam_sameera12 දන්වා ඇත්තේ Another Dude without face 😟😁 ලෙසිනි.
paba326 දන්වා තිබුනේ එක්කො මුණ පෙන්න දාන්න ඔනෙ.එක්කො නිකන් ඉන්න ඔනෙ..😀 ලෙසිනි.